හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.

ඒ, කොළඹ, 07 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් කිහිප දෙනෙකු විසින් එහිදී දේශන පැවැත්වුවා.