Published
වෙනිසියුලාව විසින් බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට ලබා දීමට සූදානම් බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත කර තිබූ පළ කිරීමක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කර තිබුණේ බොරතෙල් අලෙවියෙන් ලැබෙන මුදල අමෙරිකාව විසින් පාලනය කරනු ලබන බවයි.
එය වෙනිසියුලාවේ සහ අමෙරිකාවේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමට භාවිතා කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
වෙනිසියුලාවේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩි්‍රගස් එරට අන්තර්කාලීන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසු අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිද්ධියක්.




