සැකකරුගේ ජංගම දුරකථනයට තම නිරුවත් ජායා රූප සිය ජංගම දුරකථනයෙන්ම එවා ඇත්තේ පැමිණිළිකාර සරසවි පෙම්වතිය විසින්ම බව විමර්ශවලදි තහවුරු වී ඇති බවද නීිතිඥ රන්දුනු සේනාරත්න පවසා තිබෙනවා.
තම සරසවි පෙම්වතියගේ නිරුවත් ජායා රුප පෙම්වතියගේ අනෙක් පෙම්වතාට වට්ස් ඇප් ඔස්සේ යැවූ බව කියන සිද්ධියක් සමබන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් උප ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෙම්වතෙකු ශරීර ඇප මත මුදා හරින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බංඩාර මහතා නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් නියම කල මහේස්ත්‍රාත්වරයා එක් ඇපකරුවෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියෝග කර තිබෙනවා.
පැමිණිලි පාර්ශවයට හෝ විමර්ශන වලට බලපෑම් නොකළ යුතු බවටද සැකකරුට තවදුරටත් නියෝග කරනු ලැබු අතර මෙසේ ඇප මත මුදා හැරියේ පේරාදෙණිය හත්දෙස දවලදෙනිය පදිංචිකරුවෙකි.
මෙම සැකකරුගේ පෙම්වතිය බව කියන ගල්ගමුව පාලුකඩවල ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවියක පරිගණක අපරාධ විමර්ශන වයඔ පළාත් වාරියපොල උප ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරිගනක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකරු සිය පෙම්වතියගේ නිරුවත් ජායා රූප පෙම්වතියගේ අනෙක් පෙම්වතා බව කියන පුද්ගලයෙකුට වට්ස් ඇප් ඔස්සේ යවා ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ එම තොරතුරු අනාවරණය වූ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කරන බවද කියා සිටි පොලිසිය සැකකරු යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසද ඉල්ලා සිටි අතර සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රන්දුනු සේනාරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයා පැමිණිළිකාර සරසවි සිසුවිය සමඟ වසර තුනක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.
පැමිණිළිකාරිය තම සේවාදායකයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන අතරතුර තවත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් ඇති කර ගෙන ඇති බවද පවසා සිටි නීතිඥවරයා තම සේවාදායකයා පැමිණිලිකාරියගේ අනෙක් පෙම්වතාට යැවු බව කියන ඇගේ නිරුවත් ජායා රූප තම සේවාදායනයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ පැමිණිළිකාරිය විසින්ම ඇගේ ජංගම දුරකථනයෙන් බවද කීවේය
තම සේවාදායකයා වට්ස් ඇප් ඔස්සේ පෙම්වතියගේ අනෙක් පෙම්වතාට යැවු බව කියන ජායා රූප පැමිණිලිකාරිය විසින්ම සිය ජංගම දුරකථනයෙන් තම සේවාදායකයාට එවා තිබූ බවද අවධාරණය කල නීතිඥ රන්දුනු සේනාරත්න මහතා ඒ බව පොලිස් විමර්ශවලදී ද අනාවරණ වී ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සිය සේවාදායකාය ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අයැද සිට තිබෙනවා.
දෙපාර්ශයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බංඩාර මහතා සැකකරු යළි රිමාන්ඩ් කරන්නැයිද පොලිසිය කල ඉල්ලීම ඉවත දමමින් සැකකරු ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් පරිගනක අපරාධ විමර්ශන වයඔ පළාත් වාරියපොල උප ඒකකයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රන්දුනු සේනාරත්න මහතා පෙනී සිට තිබෙනවා.




