Published
“අයිසැක් ඉන් ස්ලිට්” (AIESEC in SLIIT) විසින් සංවිධාන කරන ග්ලෝබල් “විලේජ් ෆෝ පොයින්ට් ඕ” (Global village 4.0) විචිත්‍රවත් සංස්කෘතික උළෙල අද පෙරවරුවේ මාලබේ ස්ලිට් පරිශ්‍රයේදී ආරම්භ වුණා.
ලෝකයේ නන්දෙසින් පැමිණෙන තරුණ ප්‍රජාව එක් තැනකට එක් රැස් වී සමරන මෙම සංස්කෘතික උත්සවය විවිධ සංස්කෘතීන් විදහා දක්වන ආහාර, සංගීතය, ඇඳුම් පැළඳුම් සහ තවත් අංගයන්ගෙන් යුක්ත වනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ “ග්ලෝබල් විලේජ් ෆෝ පොයින්ට් ඕ” සංවිධාන කමිටුවේ උප සභාපති මිතුලා ඉලේපෙරුම මෙනෙවිය.