කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාව අද දිනයේදී පොලිසියට ලැබීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ මේ වන විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව මෙලෙස ලැබෙනු ඇති බවයි.

මේ අතර සියලු බන්ධනාගාරවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ ත්‍රිවිධ හමුදා තවදුරටත් යොදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.