T20 ලෝක ශූර ඉන්දියාව පරදා පෙරලිකාර ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අයර්ලන්තය සමත් වුණා.

ඉන්දියාවට එරෙහිව අයර්ලන්තය ලැබූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයද මෙයයි.

අයර්ලන්තයේ බෙල්ෆර්ස්ට් හිදී ඔවුන් මෙම පෙරළිකාර ජයග්‍රහණය හිමිකර ගත්තා.

තරගයේ පළමුවෙන්  පන්දුවට  පහර දුන්නේ අයර්ලන්ත කණ්ඩායමයි.

ඔවුන් නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 182ක් රැස් කරගත්තා.

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 18යි පන්දු 5දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව අයර්ලන්තය ලකුණු 34කින් තරඟය ජය ගත්තා.

ඉන්දීය පන්දු යවන්නන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ අයර්ලන්ත නායක ලෝකෑන් ටකර් පන්දු 36දී ලකුණු 50යි.

ගැරත් ඩෙලනි පන්දු 32දී ලකුණු 49ක් ලබා ගත්තා.

ඉන්දියාවේ  වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු අභිෂේක ශර්මායි.

ඔහුගේ ඉනිමද ලකුණු 49ට සීමා වුණා.

ඉකුත් IPL තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති A කණ්ඩායම් තුන්කොන් තරගාවලියේ අවසන් තරඟයේදීත් විශිෂ්ට දක්ෂතා දැක්වූ ළාබාල විභාව් සූර්යවංශි ද ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිනවා.

එහෙත් අයර්ලන්තය සමග පැවති මෙම තරඟයේදී ඔහුට අවසන් එකොළොස් දෙනා අතරට එක්වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.