කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් එලෙස වසා දමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.