Published
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී විවාදයක් මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව පිළිබඳ විවාදයයි. එම විවාදය ආරම්භ කළේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතායි.
මේ අතර ජාතික තරුණ සේවා සභාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද වාද විවාද ඇති වුණා. ඒ අදාල ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිරීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා තවදුරටත් කරුණු දැක්වීමේදී සභාවේ ඇති වුණේ මෙවන් තත්ත්වයක්. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.