Published
ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
ඒ අනුව නිලධාරීන් සහ ක්‍රීඩකයින් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටදී එක් දින ක්‍රිකට් තරඟ 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 03කට සහභාගීවීමට නියමිතයි.
එක් දින තරඟාවලිය ලබන 22 වනදා අරම්භ වනවා. ඉතිරි තරඟ දෙක ලබන 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
එක්දින තරඟ තුනම දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ජනවාරි 30, පෙබරවාරි පළමුවනදා සහ පෙබරවාරි 03 වනදා පැවැත්වීමට නියමිතයි.
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රාත්‍රී තරඟාවලියක් ලෙස එය පැවැත්වීමට නියමිතව තිබෙනවා.




