තායිවාන විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ අද සමත් වුණා.
ඒ, ඔහු තත්පර 10යි දශම 3යි 8ක කාලයක් තුළ තරඟය නිමා කරමින්.
මෙම තරඟාවලියේ රන් පදක්කම දිනාගැනීමට ඔස්ටේ්‍රලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් ව තිබෙනවා.
ඔහු සිය ඉසව්ව අවසන් කළේ තත්පර 10යි දශම 3යි 4කින්.
තත්පර 10යි දශම 3යි 6කින් තරඟය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගැනීමට සමත් වුණා.
ලෝක මළල ක්‍රීඩා ‘ලෝකඩ‘ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී අරම්භ වුණේ ඊයේ දිනයේදීයි.
තරඟාවලිය අද දිනයේ අවසන් වනවා.
මේ අතර තායිවාන විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියට කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නදීෂා දිල්හානි ලේකම්ගේ රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.
ඒ, මීටර් 56යි දශම 6යි 2ක දක්ෂතාවක් දක්වමින්.
තායිවාන විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියට පිරිමි උස පැනීමේ ඉසව්ව සඳහා මෙරට නියෝජනය කරමින් ලෙසඳු අර්තවිදු සහභාගී වී තිබෙනවා.