Published
සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ජය ගැනීම එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මුහුණදීමට මනා පිටුවහලක් බව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.
දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වනිඳු හසරංග මෙම අදහස් පළ කළා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන්.




