Published
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 94ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, හොං කොංග් කණ්ඩායමට එරෙහිවයි. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානය කඩුලු 06ක් දැවී ලකුණු 188ක් රැස් කළා. එහිදී අස්මතුල්ලා ඔමාර්සායි පන්දු විස්සකදී හයේ පහර 05ක් සමග ලකුණු 53ක් රැස් කළා. එය ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු පන්දුවාර විස්සයි විස්ස තරඟයක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොංග් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 94ක් පමණයි. ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර අද පැවැත්වීමට නියමිතයි.