Published
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වූ සුළු සුළු අතපසුවීම් හේතුවෙන් මෙම තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පවසනවා. ඔහු පැවසුවේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ලබා ගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් වුවත් පන්දු යවන්නන්ගෙන් යම් පසුබෑමක් සිදුවූ බවයි.
තරඟය පරාජයට පත් වුවත් සිය කණ්ඩායම ඉතා හොඳ තරඟයක් ක්‍රීඩා කළ බවයි තරඟයෙන් පසුව පැවති මාධ්‍යය හමුවට එක්වෙමින් දසුන් ශානක පැවසුවේ