ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 14 වනදා කටාර් දෝහා හිදී ආරම්භ වන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

කාගේත් අවධානය යොමුවන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වනදායි.

තරඟාවලියට කණ්ඩායම් නම් කර ඇත්තේ කාණ්ඩ දෙකක් යටතේයි. ඒ අනුව ් කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව ඇතුළත්.

ඊ කාණ්ඩයට ඉන්දියාව, ඕමානය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වනවා. නොවැම්බර් 14 සිට නොවැම්බර් 19 දක්වා තරඟාවලිය පැවැත්වෙන අතර නොවැම්බර් 21 වනදා අවසන් පූර්ව වටය සහ නොවැම්බර් 23 වන දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

2013 දී ආරම්භ වූ නැගී එන කණ්ඩායම් තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 07 වන වරටයි.

මේ දක්වා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව දෙවරක් ශූරතාව දිනාගෙන ඇති අතර ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය එක් වරක් බැගින් ශූරතාව ජයග්‍රහණය කළා.