Published
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව ඉහළටම ඔසවා තැබීම තමන් ඇතුළු කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා. 2025 අයි සී සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කුසලානය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
තරඟාවලිය ආරම්භ කරමින් ලබන 30 වනදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග තරඟවැදීමට නියමිතයි. එම තරඟය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව එහිදී අදහස් දැක්වුවා.