Published
ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 51ක සුපිරි ජයක් ලැබීමට සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
තරඟය පැවැත් වුණේ ඉන්දියාවේ චන්දිගාර්හීදියි.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කළා.
විශිෂ්ට පිති හරඹයක නිරත වූ ක්වින්ටන් ඩි කොක් පන්දු 46කදී ලකුණු 90ක් රැස් කළා.
ඊට හයේ පහර 07ක් ඇතුළත්.
කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 162ක් පමණයි.
දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාව ජය ගත්තා.
දෙරට අතර තරඟාවලියට පන්දුවාර විස්සයි විස්ස තරඟ පහක් ඇතුළත




