2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා. ඒ, ඊයේ රාත්රියේ පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී ප්රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 125කින් පරාජය කරමින්.
ඉන්දියාවේ ගුවාති හීදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු ක්රීඩිකාවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස් කිරීමට සමත් වුණා. දකුණු අප්රිකානු කණ්ඩායමේ නායිකා ලෝරා වොල්වාර්ට් පන්දු 143කදී ලකුණු 169ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්රහණයේ අඩිතාලම දැමීමට සමත් වුණා. ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිස පන්දු 143කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 04ක් ඇතුළත් වුණා. අනෙක් ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ටස්මින් බි්රට්ස් ලකුණු 45ක් රැස් කළා.
ලකුණු 320ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 03කදී ලකුණු 194කට සීමා කිරීමට දකුණු අප්රිකානු පන්දු බල ඇණිය සමත් වුණා. ඒ අනුව මෙම තරඟයෙන් ලකුණු 125ක දැවැන්ත ජයග්රහණයක් අත්කර ගත් දකුණු අප්රිකානු ක්රීඩිකාවන් එළඹෙන නොවැම්බර් මස 02 වනදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී දකුණු අප්රිකාව සමග තරඟ වඳින අනෙක් කණ්ඩායම තීරණය කෙරෙන දෙවන අවසන් පූර්ව තරඟය අද රාත්රියේ පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතරයි.




