එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මෙවර එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජයට පත් කරමින්.

මුම්බායිහි ඩී වයි පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී රැස් කළ ලකුණු සංඛ්‍යාව 298ක්.

ශෆාලි වර්මා පන්දු 78කදී ලකුණු 87ක් රැස් කළා. දීප්ති ශර්මා ලකුණු 58යි.

ඒ අනුව තරඟය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 299ක්. කෙසේවෙතත් පන්දුවාර 45යි පන්දු 03ක් අවසානයේ සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 246ක් පමණයි.

ලෝරා වොල්වර්ට් ලකුණු 101ක් රැස් කළද සෙසු ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 35 සීමාව පසු කර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ලකුණු 39කට කඩුලු 05ක් බිඳ හෙළු දීප්ති ශර්මා තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.

ඉන්දීය කණ්ඩායමේ ශෆාලි වර්මාට තරඟාවලියේ වීරයා සම්මානය හිමි වුණා.