Published
ඔස්ටේ්රලියානු සහ පකිස්තානු ක්රිකට් කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට අදාළ මෙරටදී පැවැත්වෙන තරග සදහා සහභාගීවිමටයි.
ඒ අනුව නිලධාරීන් ඇතුළු ක්රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත පකිස්තාන ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම දිවයිනට පැමිණි ඔස්ටේ්රලියානු කණ්ඩායමට නිලධාරීන් ඇතුළු ක්රීඩකයින් 27 දෙනෙකු අයත්.
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.



