Published
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගය මේ වනවිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු ඕමාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 225 ක්.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15 ක් ලෙස සටහන්ව තිබියදී පළමු කඩුල්ල ලෙස කමිල් මිශාර දැවී ගියේ ලකුණු 8ක් රැස්කර සිටියදීයි.
පැතුම් නිස්සංක ලකුණු 13කට දැවී ගියා.
පිළිතුරු ඉනිම ආරම්භ කරමින් මේ වන විට ඕමාන කණ්ඩායම ලකුණු 15කට කඩුළු 02ක් දැවී ගොස් තිබෙනවා.




