සත්කාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද රාත්‍රි 07.00ට ආරම්භ වීමට නියමිතයි.

තරග 05කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මුල් තරග තුනම ජයගත් ඉන්දීය කාන්තා ක්‍රිකට් කාණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ඉහළ මානසිකත්වයකින්.

ඒ අනුව දෙරට අතර පැවති පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ජය ගනු ලැබුවේ කඩුළු 08කින්.

දෙවන තරගය කඩුළු 07කින් සහ තුන්වන විස්සයි විස්ස තරගය කඩුළු 08කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව විස්සයි විස්ස තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් සමත් වී තිබෙනවා.

පූර්ණ තරගාවලි පරාජයකින් මිදීමට නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද පැවැත්වෙන තරගය හෝ ලබන 30 වනදා පැවැත්වීමට නියමිත තරගය අනිවාර්යෙන්ම ජය ගත යුතු වනවා.