නව ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට එංගලන්තයේ ජෝ රෑට් සමත් වී තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින්.
ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ දිනවල පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගයේ දී ඔහුට මෙම සුවිශේෂී කඩඉමට පැමිණියා.
ඒ අනුව ඔහු දැන් දෙවනි වන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට පමණයි.
පළමු ස්ථානයේ පසුවන ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 15,921ක්. එංගලන්තයේ ජෝ රෑට් මේ වන විට ලකුණු 13,389 සීමාව පසුකර ගොස් අවසන්.
ඉන්දියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී මේ දිනවල පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ජෝ රෑට් ලකුණු 150ක් රැස් කළා.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම තුන්වන දිනය නිමා වන විට කඩුලු 07ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 544ක්.
තරඟයේ පළමුව ක්‍රීඩා කළ ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 358ක් පමණයි.