තමන් දක්ෂතා අතර සිටියදී ටෙස්ට් පිටියෙන් සමුගත්තේ නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතීව්ස් පවසනවා.

දක්ෂතා අතර සිටින අවස්ථාවේදී කණ්ඩායමෙන් ඉවත් වීම වඩාත් යෝග්‍ය බවයි ඔහු කියා සිටියේ.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතීව්ස්.