ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මහා තරඟයේ තෙවන දිනය නිමා වන විට ලෝක ටෙස්ට් ශූරතාවක් හිමි කර ගැනීමේ අවස්ථාවට ලංවීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටිනවා.
ඒ, ප්‍රබල ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අවදානමකට ඇද දමමින්.
මෙම තරඟයේ තෙවන දිනය නිමා වන විට දෙවන ඉනිමේදී ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 213ක් රැස් කරගෙන සිටියා.
ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 102ක් රැස් කරගෙන සිටි අතර නායක ටෙම්බා බවුමා නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 65ක්.
මෙම තරඟයේ පළමු ඉනිම වෙනුවෙන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලකුණු 212ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 138ක් පමණයි.
ඕස්ටේ්‍රලියානු කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 207ක් රැස් කළා.
ඒ අනුව කඩුලු 08ක් අතැතිව සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 69ක් පමණයි.
තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීයි.