Published
දකුණු ආසියානු සුපිරි කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය හිමිකර ගැනීමට මාලදිවයිනේ පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල තුනට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. තරඟය පැවැත්වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේදීයි. තරඟයේ ප්‍රථම භාගයේදී මාලදිවයින් කණ්ඩායම ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවන අර්ධයේදී තවත් ගෝලයක් ලබා ගනිමින් ගෝල තුනට බිංදුවක් ලෙස තරඟය ජය ගැනීමට මාලදිවයින පාපන්දු කණ්ඩායම සමත් වුණා. දෙරට අතර දෙවන තරඟය එළඹෙන 09 වනිදා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි.