2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සංවිධානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව මෙම තරගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ සහ 600 කට ආසන්න රථවාහන පාලනය සම්බන්ධයෙන් නිලධාරීන් ප්‍රමාණයක් යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පොලිසිය පැවසුවේ ක්‍රිඩංගණය අවට මාර්ග කිහිපයකම ගමානා ගමනය සිමා කරණ බවයි ඒ අනුව කෙත්තාරාම මාවත හංදියෙන් සහ විල්සන් පෙරේරා මාවතෙන් බි්‍රට්‍රෝබබා පුල්ලේ හංදියෙන් කිසිදු වාහනයකට ඇතුල්වීමට හැකියාව නොමැති අතර, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරණ ලද අවසර පත්‍රයක් මත මෙම ස්ථාන දෙකෙන් ඇතුල් විය හැකි බවයි.
එම ස්ථාන වලින් වෙනත් කිසිදු වාහනයකට ඇතුළත්වීමේ හැකියාවක් නොමැති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම මහජනතාවගේ පහසුව සදහා රථ ගාල් කිහිපයක් වෙන් කර තිබෙනවා.
ක්‍රිඩාංගණ භූමිය රථගාල, සතොස රථගාල, සෙබෙස්තියන් ඇළ පාර රථගාල, මැටි පාර්ක් රථගාල, කෝවිල පාර රථගාල හා ඇපල් වත්ත රථගාල මෙන්ම අඩි 100 මාර්ගයේ දෙපස ද, රථගාල් හැටියට භාවිතා කළ හැකියි.
මේ අතර ටිකට් පත් ලබා ගන්නට නොහැකි වූ ක්‍රීඩාලෝලීන් ටිකට් පත් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රීඩාංගනය අවට සැරි සැරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසනවා.
එමෙන්ම තරගය නරඹන්නට පැමිණෙන සියළුම ක්‍රීඩා ලෝලීන් විසින් ක්‍රීඩාංගනය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙස දැනුම් දෙන පොලිසිය පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන් හා සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වැළකිය යුතු වන අතර, ඩ්‍රෝන උපකරණ, පිහි වැනි උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිතමයන් ද ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වළකින ලෙසයි පොලිසියේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසුවේ සියලූම ටිකට් පත් මෙවන විට විකිණී අවසන්ව ඇති බවයි.
ඒ අනුව ටිකට්පත් හිමි සියළුම ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත සමඟින් තරගය නැරඹීම සඳහා පැමිනේන ලෙසයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ.




