Published
ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟයෙන්ද ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජයට පත් වුණා.
තරඟය පැවැත්වුණේ ඉන්දියාවේ විශාකාපට්නම් හිදීයි.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ රැස් කළේ කඩුලු 09කට ලකුණු 128ක් පමණයි.
හර්ෂිතා සමරවික්රම ලකුණු 33ක් සහ චමරි අතපත්තු ලකුණු 31ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම 12වන පන්දුවාරයේදී තරඟය ජයගත්තේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.
ශෆාලි වර්මා පන්දු 34කදී වේගවත් ලකුණු 69ක් නොදැවී රැස් කළා.
දෙරට අතර පැවති පළමු තරඟයෙන්ද ඉන්දීය කාන්තා කණ්ඩායම ජය ගත්තා.
මීළඟ තරඟය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.




