Published
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජයට පත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මෙසේ ඉල්ලා අස්වෙන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ
නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග 14කදී නායකත්වය ලබා දී තිබෙනවා.
ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 4ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා