පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වනවා
ඒ ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන්
දෙරට අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයද ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.
තවද එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා මෙන්ම පාකිස්තාන ක්‍රිකට් (PCB) සභාපති මොහ්සින් නක්වි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් හමු වී ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවටද සහතික වී තිබෙනවා.
කෙසේ නමුත් තරගාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ආදේශක කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ
විදෙස් ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරයක නිතරව සිටියදී අවස්ථා කිහිපයකදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාර සිදුව තිබෙනවා.
මීට වසර තුනකට පෙර නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිතරව සිටියදී ඔවුන් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී තිබුණි.
ඒ හේතුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවලංගු කර ඔවුන් යළි නවසීලන්තය බලා පිටත්ව ගියේය.
2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය කණ්ඩායම් ආරක්ෂක හේතූන් මත පාකිස්තානයට පැමිණීම වසර 10කට ආසන්න කාලයක් ප්‍රතික්ෂේප කර තිබුණි.




