Published
පාකිස්තානය සමඟින් ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින සංචිතය අද පෙරවරුවේ පාකිස්තානය බලා පිටත්ව ගියා.
පුහුණු කාර්ය මණ්ඩලය ඇතුලු ශ්‍රී ලංකා එක්දින ජාතික සංචිතය දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පෙරවරුවේ පැවති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තරඟාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බවයි.




