Published
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ඇතුළත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
එම තරඟාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. එම සංචිතයට නවක ක්‍රීඩකයින් වන පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, ලහිරු උදාර, තරිඳු රත්නායක සහ සොනාල් දිනූෂ යන ක්‍රීඩකයන්ගේ නම් ඇතුළත් බව වාර්තා වනවා.
මේ අතර වසර 06 කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බවද ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 17 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.