ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශය සහ නවසීලන්තය අතරයි.

මේ අතර ඉන්දියාව සමග ඊයේ රාත්‍රියේ පැවැති තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 03ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 07කට ලකුණු 252ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.