සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
එස් එස් සී ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වන්නේ උදෑසන 10ටයි.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිළට අද තරඟය අතිශය වැදගත්.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වීමට නියමිතයි.
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් සහ මිලාන් රත්නායක වෙනුවට ක්‍රීඩකයන් දෙදෙනෙකු කණ්ඩායමට එක් වෙනු ඇති.
අද උදෑසන තණ තීරුව පරික්‍ෂා කිරීමෙන් පසුව අවසන් කණ්ඩායම තීරණය කරන බවයි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසුවේ.
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ අංක 04 ස්ථානයේ තමා පන්දුවට පහර දීමට සූදානම් බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා වැඩිදුරටත් පැවසුවා.
මේ අතර සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව රැස් කළ ලකුණු 471ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 465ක් රැස් කළා.
ඉන්දීය දෙවන ඉනිම ලකුණු 364කට සීමා වු අතර එංගලන්තයට තරඟය ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 371ක්.
මෙම ඉලක්කය කඩුලු 05ක් පමණක් දැවී පසුකර යාමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
දෙරට අතර මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් ශතක 05ක් වාර්තා කළා.
ඒ අනුව ශතක 05ක් රැස් කළ ටෙස්ට් තරඟයක් කණ්ඩායමක් පරාජයට පත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනවා.
එමෙන්ම මෙම ජයග්‍රහණය සැලකෙන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව හඹා ගොස් ජය ගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මීට අමතරව එංගලන්ත කණ්ඩායමත් දෙවන ඉනිමේදී හඹා ගොස් ජය ගත් සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා.