පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරග 03ක් අද පැවැත්වෙනවා.
ඒ අතරින් කාගේත් අවධානය දිනාගත් තරගය වී ඇත්තේ දකුණු අප්රිකාව හා නවසීලන්තය අතර තරගයයි.
මෙම තරගය අද රාත්රී 07ට ආරම්භ වන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදී.
මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මෙතෙක් පැවති උණුසුම්ම හා පෙරලිකාරම තරගය වන ඇෆ්ගනිස්ථාන - දකුණු අප්රිකා තරගයෙන් පසු එම කාණ්ඩයේ පැවැත්වෙන ප්රධානම තරගවලින් එකක් වන්නේ මෙම තරගයයි.
දකුණු අප්රිකාව හා නවසීලන්තය මේ වන විටත් තමන් සහභාගී වූ තරග දෙකම ජය ගෙන ඇති බැවින් අද තරගය ජය ගන්නා කණ්ඩායමට ඊළග වටයට පිවිසීමට වැඩි ඉඩක් හිමිවනවා.
ඒ අනුව අද තරගයේ ජය මෙන්ම ජරාජයට පත්වන කණ්ඩායමේ දළ ලකුණු වේගය අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ අනාගතයද තීරණය වනු ඇති.
මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
ඒ, අයර්ලන්තය හා ඕමානය සහ එංගලන්තය හා ස්කොට්ලන්තය අතරයි.




