Published
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 247ක් ඉදිරියෙන් පසු වුණා.
ඒ, දෙවන ඉනිමට කඩුලු හතරක් දැවී ලකුණු 237ක් රැස් කරමින්.
බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 89ක්.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් ලකුණු 49කට දැවී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ඊයේ දිනයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 485ක් පමණයි.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 495ට පිළිතුරු ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කල අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත්තා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.