2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. ඒ, ඉන්දියාවේදීයි. පළමු තරඟය දැන් පැවැත්වෙන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතරයි. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරඟය පන්දුවාර 48කට සීමා කිරීමටයි කටයුතු කළේ. පන්දුවාර 25ක් වන තුරු තරඟයේ පාලනය තමන් අතට ගෙන සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 02කට ලකුණු 120ක් රැස් කරගෙන සිටියා. එහෙත් 26 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ ඉනෝකා රණවීර කඩුලු 03ක් දවා ගනිමින් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතු කර ගත්තා. කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස්කිරීමට සමත්වුනා. ඉන්දීය බනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරතවූ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස්කළ අතර දීප්ති ෂර්මා නොදැවී ලකුණු 53 රැස්කිරීමට සමත්විය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය 271කි.
Published