Published
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේදී ශ්රී ලංකාවට අද රන් පදක්කමක් හිමි වුණා. ඒ, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන්. මෙම රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ ශ්රී ලංකාවේ රුමේෂ් තරංග විසින්. ඔහු මීටර 82. 05ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම පදක්කම දිනාගත්තා. මෙම ඉසව්වෙන් රිදී පදක්කම ජපාන ක්රීඩකයෙකුට හිමිවූ අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ පාකිස්තාන ක්රීඩකයෙකු විසින්. මෙම තරඟාවලියේදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත් වුණා. ඒ, මීටර් 57 . 53ක දක්ෂතාවක් දක්වමින්. එය මෙම තරගවාරය තුළ නදීෂා ලේකම්ගේ දැක්වූ ඉහළම දක්ෂතාවය වීම විශේෂත්වයක්.