ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර් ශ්‍රීධර් මහතා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මෙම පත් කිරීම ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසන් වන තෙක් වලංගු වන බවයි.

ඔහුගේ පත්වීම 2025 දෙසැම්බර් 11සිට 2026 මාර්තු 10වනදා දක්වා බලපැවැත්වෙනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ආර් ශ්‍රීධර් මහතා 2014 වසරේ සිට 2021 වසර දක්වා ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර තරඟ 300කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි කටයුතු කර තිබෙනවා.

ආර් ශ්‍රීධර් මහතා මෙම වසරේ මුලදී ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ දින 10ක විශේෂිත පන්දු රැකිමේ වැඩසටහනකටද එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.