Published
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.
පකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන එම තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 04වන ස්ථානයේ රැඳී සිටින අතර පකිස්ථාන කන්ඩායමට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.
දෙරට අතර මේ දක්වා එක්දින තරඟ 157ක් පවත්වා ඇති අතර පකිස්ථානය එහි තරඟ 93ක් ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරඟ ගණන 59ක්.
එක් තරඟයක් ලකුණු සම වී ඇති අතර, තවත් තරඟ 04ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබෙනවා.




