සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් තරඟය ආරම්භ වන්නේ සවස 03.00ටයි.

ඒ, පාකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්.

පළමු තරඟයෙන් පාකිස්ථානය ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කළා.

ඒ අනුව හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා.