Published
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි තයිජුල් ඉස්ලාම් ලකුණු 09ක් රැස් කරගෙන සිටි අතර එබඩොට් හොසේන් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 05ක්.
බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් සොනාල් දිනූෂ ලකුණු 22කට කඩුලු 02ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.
අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු අතරේද කඩුලු 02 බැගින් බෙදී ගියා.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ හෙට දෙවන දිනයයි.