සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 06කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩාමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බටහිර කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 214 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක ශායි හෝප් සිය මංගල ජාත්‍යන්තර විස්සයි 20 ශතකය ලබා ගත්තා.
පන්දු 57ක් තුළ හයේ පහර හයක් සහ හතරේ පහර අටක් එල්ල කරමින් ඔහු නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 102ක්.
බ්‍රැන්ඩන් කිංග් පන්දු 36 කදී වේගවත් ලකුණු 62 ක් රැස් කළා.
ලකුණු 215 දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක නිරත වූ ටිම් ඩේවිඩ් පන්දු 37 ක් තුළදී හයේ පහර 11ක් සහ හතරේ පහර 06ක් එල්ල කරමින් නොදෙවී ලකුණු 102ක් ලබා ගත්තා.
ඔහු ලබා ගත් එම ශතකය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියේදී වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 4 ක් අවශ්‍ය වූ අතර ටිම් ඩේවිට්ට ශතකය වාර්තා කිරීමට ලකුණු 02ක් පමණක් අවශ්‍යව තිබුණු අතර ඔහු 16 පන්දුවාරයේ පළමු පන්දුවටම 04 පහරක් එල්ල කරමින් ශතකය සහ ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීම විශේෂත්වයක්.