ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පස්වරු 03ට පකිස්ථානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගනිමින් පකිස්ථානය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලිය ජයගෙන තිබෙනවා.
අද තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වන බව වාර්තා පළ වනවා.
ඒ අනුව අද තරඟයට පිතිකරුවෙකු ලෙස පවන් රත්නායක සහ ලහිරු උදාර කණ්ඩායමට එක් කිරීමට නියමිත අතර පන්දු යවන්නන් ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ සහ වේග පන්දු යවන ක්‍රීඩක හේෂාන් මාලිංග කණ්ඩායමට එක් කිරීමට නියමිතයි.
අද තරඟයටත් පසුගියදා නිමාවට පත්වූ දෙවන එක්දින තරඟයට ලබා දුන් ආරක්‍ෂාව සමාන ආරක්‍ෂාවක් ලබා දීමට පකිස්ථාක ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
පසුගියදා පකිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමටයි.




