Published
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සංචිතයට ක්‍රීඩකයින් 08 දෙනෙකු ඇතුළත්. එහි නායකත්වය දරන්නේ ලහිරු මධුසංකයි.
ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක සහ සචිත ජයතිලක සෙසු ක්‍රිඩකයින් වනවා.
මොවින් සුබසිංහ නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 07 වනදා සිට 09 වනදා දක්වා පැවැත්වෙනවා.
2024 වසරේ අවසන් වරට පැවති හොංකොං සික්සර් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
මීට පෙර 2007 වසරේ ද පැවති හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.