2025 යුරෝපානු නේෂන් ලීග් අවසන් මහ පාපන්දු තරඟාවලියේ ජය හිමි කර ගැනිමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අවසන් මහා තරඟයේදී ස්පාඤ්ඤය පරාජයට පත් කරමින්.
කරට දියුණු තරඟයක් පැවති අතර, නියමිත කාලය අවසානයේ දෙපිළම ගෝල 2 බැගින් රැස් කරමින් තරඟයේ උණුසුම තව තවත් තීව්ර කළා.
එහිදී පෘතුගාලය වෙනුවන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නූනෝ මෙන්ඩෙස් ද ගෝල රැස් කළ අතර ස්පාඤ්ඤය වෙනුවන් මාටින් සහ මිකෙල් ගෝල රැස්කිරීමට සමත් වුණා.
නියමිත කාලය තුළදි දෙපිලම ගෝල සමවීම හේතුවෙන් තවත් අතිරේක කාලයක් ලබා දුන්නද එම කාලය තුළදී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් ලබාගැනීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව ජයග්‍රාහක කණ්ඩායම දඩුවම් පහරවලින් තීරණය කරන්නට විනිසුරුවන්ට සිදුවුණා.
එහිදී දඩුවම් පහර 5ක් සාර්ථක කරගන්නට පෘතුගාලය සමත්වෙද්දී ස්පාඤ්ඤයට සාර්ථක කරගන්නට හැකිවුණේ දඩුවම් පහර 3ක් පමණයි.
ඒ අනුව දෙවන වරටත් යුරෝපා නේෂන් ලීග් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වුණා.