ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ සත්කාර ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතරයි. මෙම තරඟාවලියේ තරඟ 07කට ක්‍රීඩා කර ඇති ඕස්ටේ්‍රලියානු කණ්ඩායම තරඟ 06ක් ජය ගනිමින් අපරාදිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලියේ තරඟ 07කට ක්‍රීඩා කළ තරඟ 03ක් ජයගත් අතර තරඟ 03කින් පරාජයට පත් වුණා. අනෙක් තරඟය අවසන් වුණේ විසඳුමකින් තොරවයි.

පළමු වටයේදී මෙම කණ්ඩායම් දෙක සහභාගී වූ තරඟයෙන් ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 03ක තියුණු ජයක් අත්කර ගත්තා. ඒ අනුව අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන නොවැම්බර් 02 වනදා පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරඟ වැදීමට සුදුසුකම් ලබනවා.