18 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.
එම තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන 03 වනදා පැවැත්වීමට නියමිත 2025 අයි පී එල් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.
මේ වන විට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2025 අයි පී එල් තරඟාවලියේ අවසන් මහා තරඟයට දැනටමත් සුදුසුකම් ලබා ගෙන සිටිනවා.
අයි පී එල් ඉතිහාසයේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ 04වන අවස්ථාව ද මෙයයි.
මීට පෙර ඔවුන් 2009, 2011 හා 2016 වර්ෂයන්හි එම අවස්ථාව හිමිකරගෙන තිබෙනවා.
කෙසේවෙතත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එම වසර 03 තුළදීම අයි පී එල් අවසන් මහා තරඟක් ජයග්‍රහණය කිරීමට නොහැකි වුණා.