වසර 18කට පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය පළමු IPL ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමේ ප්‍රීතිය මේ වන විට බැංගලෝරයට කඳුළක් එක් කරන තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.
ඒ, සැමරුම්වලට එක් වූ පුද්ගලයින් 11 දෙදෙනකුට ජීවිත අහිමි වීම සහ තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීමත් සමඟයි.
විවිධ සැමරුම් හේතුවෙන් බැංගලෝරයේ ගමනා ගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ගුවන් ගමන් සඳහා ද එල්ල වී ඇත්තේ බලපෑමක්.
මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට දැනටමත් කරනාටක මහ ඇමතිවරයා නියෝග කර තිබෙනවා.
අවසන් මහා තරගය නිමාවීමෙන් පසු ක්‍රීඩාංගනයෙන් ඉවතට යාමේදී ගේට්ටු අසල පවා දැඩි තෙරපීමක් සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාව 35,000ක් පමණක් වුවත් ජය සැමරීම සඳහා ක්‍රීඩාංගනය අසලට ලක්ෂ තුනකට අධික පිරිසක් එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.