ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T20 ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ජය ගැනීමට කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම අද සමත් වුණා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 04කින් ජය ගනිමින්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නිල් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 28ක්. චාමික කරුණාරත්න ප්‍රතිවාදී කඩුලු 03ක් බිඳ හෙලුවා. ජයග්‍රාහී ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී තරඟය ජය ගත්තා. චාමික කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 47ක්. නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 36යි. පන්දු යැවීමේදී දසුන් ශානක ප්‍රතිවාදී කඩුලු 03ක් බිඳ හෙලුවා. කොළඹ ීක් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත් වුණා. මෙම තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. එමෙන්ම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
Published