නීති කොතෙකුත් පැනවූවත් කොතෙකුත් පියවර ගත්තත් රිය අනතුරු අඩු නොවන්නේ ඇයි?

මේ, ඒ පිළිබඳ සොයා බැලීමක්.

 

 

මේ අතර, ගතවූ පැය 24ද සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, ඇඹිලිපිටිය, හික්කඩුව සහ නොච්චියාගම යන ප්‍රදේශවලදීයි.

රිය අනතුරු වාර්තා නොවන දවසක් දැන් නැති තරම්.

දෛනිකව රිය අනතුරු නිසා මිය යන පිරිසද සුළුපටු නොවේ.

කොතෙකුත් පියවර ගත්තත් රිය අනතුරු අඩු නැත්තේ ඇයි?

ඒ, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා.

රිය අනතුරු පාලනයට මේ වනවිට ගෙන ඇති පියවර පිළිබඳ සෑහීමකට පත් විය හැකිදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළා.

 

වෙනත් දියුණු රටවල් රිය අනතුරු පාලනය කළේ කොහොමද?

 

 

ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදු කරන රිය අනතුරු අවම කර ගැනීමට නම් දියුණු රටවල රිය අනතුරු අවම කර ගැනීම සඳහා සිදු කරන නව ඩිජිටල් වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පැවසුවේ.